ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (20) දිවයිනට පැමිණියා.
දිවයිනට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරුණා.
මෙලෙස දිවයිනට පැමිණි Frigate වර්ගයට අයත් ‘INS SATPURA’ නෞකාව, දිගින් මීටර් 142.5 ක් හා නැව් මුළුව 403 ක ගෙන් සමත්විතයි.
නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් විකාස් ගාර්ග් කටයුතු කරනු ලබනවා.
‘INS SATPURA’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.




