සංවිධානාත්මක අපරාධකරුවන් 17ක් දිවයිනට රැගෙන ඇවිත්

විදෙස් රටවල සිට මෙරට අපරාධ මෙහෙය වූ සංවිධානාත්මක අපරාධකරුවන් 17 දෙනෙකු මේ වන විට දිවයිනට රැගෙන ඇවිත් ඇති බව පොලිසිය පවසනවා.

ඊට අමතරව රතු නිවේදන නිකුත් කර ඇති තවත් අපරාධකරුවන් 30 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරගෙන යන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පැවසුවා.

මේ අතර 2025 ජනවාරි පළමු වනදා සිට මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධිවලට අදාළව වෙඩික්කරුවන් 38 දෙනෙකු සහ පැදිකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඔහු සඳහන් කළා.

ඊට අමතරව එම අපරාධවලට ආධාර අනුබල ලබාදීමට අදාළව පුද්ගලයින් 263 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වල දී එහිදී T-56 අවි 61ක්, පිස්තෝල 62ක් සහ රිවෝල්වර් 40ක් මෙන්ම වෙනත් ගිනිඅවි 1,721ක් සොයාගෙන ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?