සයිනොෆාම් එන්නත ගත් ජනතාවට දැනුම්දීමක්

සයිනොෆාම් එන්නත ලබාදීම පසුගිය මැයි මස 08 වනදා සිට ආරම්භ කෙරිණි. ඒ අනුව එහි ප්‍රථම එන්නත ලබාගත් ජනතාවට, ජුනි මස 08 වනදා සිට මාසයක් පිරෙන දිනයේදී පළමු එන්නත ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී තිබේ. සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්කයන්හි එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මේ අතර යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ මීළඟ එන්නත්කරණ වැඩසටහන් රත්නපුරය සහ යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරෙන බවයි. පවතින කොවිඩ් අවදානම මත සෞඛ්‍ය අංශවල නිර්දේශ පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. කොවිඩ් එන්නත්කරන වැඩසටහන බස්නාහිර පළාතෙන් ආරම්භ වූ අතර පසුව එය ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කළේය.

ඒ අනුව මේ වනවිට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 1,503,635කි.මෙරටට ඊයේ (27) රාත්‍රියේ රැගෙන ආ “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14