දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ බිරිඳ කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පියා අතින් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 35ක බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී ඊයේ (19) රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි දැනට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
2
+1
2
+1




