රත්නපුරේ නීතිඥ නිවසක අවි ආයුධ ගබඩාවක්

පසුගියදා රත්නපුර, ගොළුවාවිල ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්ව සිට හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බවට සැක කෙරෙන 73 තුන් හැවිරිදි නීතිඥවරයකුගේ මෙරට හා විදේශ රටවල නිෂ්පාදිත බවට සැක කෙරෙන ගිනි අවි රැසක් සොයා ගැනීමට රත්නපුර පොලිසියේ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත පෙරේදා (17) දිනයේ පොලිස් නිලධාන් කණ්ඩායමක් මෙම නීතිඥවරයා මියගොස් සිටි නිවසට යවා අදාළ නිවස පරීක්ෂා කිරීමේදී ගිනි අවි කොටස් හා ජීව පතුරම් රැසක් සොයාගෙන ඇති බැවින් වාර්තාවන්නේ.

එලෙස සොයාගත් ගිනි අවි අතර බෝර 12 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 ගිනි අවියන් හි මුල් කොටස් හයක්, බැරල් 11ක්, බෝර 12 සහ 16 වරගයේ කුඩා ගිනි අවි දෙකක්, තුවක්කු සඳහා භාවිතා කරන ඇසුරුම් පිට තිබූ උන්ඩ 440ක් ඇතුළු ගිනි අවි කොටස් රැසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙම ගිනිඅවි අපරාධ සඳහා ලබා දුන්නාද යන්න පිළිබඳවත් මෙම ගිනි අවි වලට අමතර තවත් ගිනි අවි කණ්ඩායම් වලට ලබා දී ඇද්ද යන්න පිළිබඳව සහ මෙම මෙරට නිෂ්පාදිත බවට සැක කරන ගිනි අවිමොහු විසින් හෝ වෙනත් කණ්ඩායමක් යොදවා නිෂ්පාදනය කළාද යන්න සම්බන්ධව මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් සිටින බවද පොඉසිය වැඩිදුරත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23