ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රැජිණ වාර්තාවලින් කොදෙව් දූපත් හොල්ලයි

කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීගයේ (CPL) වාර්තා රැසක් තමාගේ නමින් ලියා ගන්නට චමරි අතපත්තු පසුගිය දා නිමාවට පත් වූ 2025 තරගවාරයේ දී සමත් වුණා.

ලෝකය පුරාවට සිටින විශිෂ්ඨම ක්‍රීඩිකාවන් රැසක් ක්‍රීඩා කරනු ලබන කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීගය පසුගිය මස 06 වැනිදා සිට 17වන දින දක්වා කොදෙව් දූපත් හි පැවැත්වුණා.

එම තරගාවලිය පුරාවට විශිෂ්ඨ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඇය ක්‍රීඩාකළ බාබඩෝස් රාජකීය කණ්ඩායමට ශුරතාවය දින ගැනීම සඳහා විශිෂ්ඨ ද්යකත්වයක් දැක්වූ අතර තරගාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍රවන්නට ඇයට හැකි වුණා.

එම තරගාවලිය තමන්ගේ නමට ලිය ගත චමරි අතපත්තු මෙතෙක් ඉතිහාසයේ එම තරගාවලියේ වාර්තා වූ හොඳම පන්දු යැවීම සටහන්කරමින් ලකුණු 07ට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණා.

ඊට පසුව පැවති තරගයේ පිත්තෙන් ලකුණු 37 සහ පන්දුවෙන් කඩුලු 03ක් දවාගත් චමරි පියට පිට දෙවන වතාවටත් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

ඉන් පසු පැවති තරගයේද සුපුරුදු පරිදි තරගයේ වීරයා බවට පත් වුණේ ආක්‍රමශීලි පිතිහරණයක් දියත් කරමින් ලකුණු 89ක් රැස්කරමින් වූ අතර තරගවාරයේ පිතිකාරිනියක් විසින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව බවටද ඇයගේ එම ඉනිම පරිවර්තනය වුණා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය මෙන්ම වැඩිම හතරේ පහර සංඛ්‍යාවට ද හිමිකම් කියනු ලබන්නේ චමරි අතපත්තු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39