හොර යතුරුපැදි හයක් කළුතරින් අල්ලයි

ව්‍යාජ අංක තහඩු සහ බඳ වෙනස් කරන ලද සහ ලියාපදිංචි නොකළ යතුරුපැදි 06ක් කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) දින කළුතර, පොතුපිටිය, වස්කඩුව ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී මෙම යතුරුපැදි අත්අඩංගුවට ගත් බවයි කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

කළුතර හා අවට ප්‍රදේශ රැසකම මෙම යතුරුපැදි නිරන්තරයෙන් සැරිසරණ බවත්, දිවයින පුරා සිදුවන වෙඩි තැබීම් සඳහා යතුරුපැදි භාවිත කිරීමත් සමගම මෙම යතුරුපැදි සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරු මත මේවා සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම යතුරුපැදි සමඟ සැකකරුවන් හතරදෙනෙකු ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනිත් සැකකරුවන් සොයා පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?