ආසාවට යතුරුපැදිය සොරාගත් 10 වසරේ සිසුවා අයගම පොලිස් දැලේ

අයගම, පිඹුර ප්‍රදේශයේ නිවසකින් යතුරුපැදියක් සොරාගත් බාලවයස්කාර සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අයගම පොලීසියට හැකි වී තිබෙනවා.

ඊයේ (17) දිනයේ පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර යතුරුපැදිය සමග බාලවයස්කාර සැකකරු එම ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

යතුරුපැදිය පිළිබදව ඇතිවූ ආසාව නිසා මෙම සොරකම සිදුකළ බවට පොලිසිය විසින් ප්‍රශ්න කිරිමේදි සැකකරු පවසා ඇති බවයි වාර්තාවන්නේ.

සැකකාර බාලවයස්කරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු පහළොවක් වන පාසලේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

නිවසේ පිටුපස තිබූ යතුරුපැදිය සොරකම්කර ප්‍රදේශයේ පිහිටි කෑලෑබද ප්‍රජා ශාලාවක ඇතුළත සගවා ඇති අතර එම ප්‍රජා ශාලාවේ විවිධ අපචාර ක්‍රියා සිදු වන බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01