දියේ ගිලුණු විදේශීය කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙක් බේරාගැනේ

මිරිස්ස වෙරළ තීරයේ ඊයේ (17) දහවල් කාලයේ දී දියනෑමට ගිය ඕස්ට්‍රියා ජාතික 28 හැවිරිදි විදේශීය කාන්තාවක් දිය වැලකට හසුවීමෙන් මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් ඇයව බේරාගෙන තිබෙනවා.

එමෙන්ම ගල්කිස්ස වෙරළ තීරයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක්‌ ද ඊයේ දහවල් කාලයේදී දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන ගෙන ගොස් ඇති අතර එම වෙරළ තීරයේ ජීවත ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දී තිබෙන බව පොලිසිය පවසනවා.

අනතුරට පත් තරුණයින් අවුරුදු 16 වයසේ පසුවන වැල්ලම්පිටිය, කටුකුරුන්ද හා හෝකන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ.