සහල් ආනයනයේදී මුදල් නොගෙවා පැහැර හැරීම පිලිබද විමර්ශනයක්

පාකිස්තානු ආයතනයකින් මෙරටට ආනයනය කරන ලද බාස්මතී මෙට්‍රික් ටොන් 125 ක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් දෙකෝටි 74 ලක්ෂයකට අධික මුදලක් නොගෙවා පැහැර හැරිය බව කියන මෙරට සහල් අපනයනය කිරීමේ ආයතන දෙකක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ වංචා විමර්ශන අංශය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු ද සිල්වා මහතා වෙත අද (17) දන්වනු ලැබුවා.

කොළඹ පිහිටි ඒ.එම්.පී හෝල්ඩින් ආයතනය හා අබිසාන් එන්ටර්ප්‍රයිසස් නැමති ආයතන දෙක සම්බන්ධයෙන් එසේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ.

පකිස්තානු සමාගමක් කොළඹ වංචාව විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් එසේ විමර්ශන ආරම්භ කර ඇති බවද එම නිලධාරින් අධිකරණය හමුවේ පැවසුවා.

ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව මගින් 2024 වසරේ ජනවාරි මාසයේදී පල කරන දැන්වීමක් අනුව පැමිණිලිකාර සමාගම එම ආයතන දෙක හඳුනාගෙන ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව මෙරටට බාස්මතී සහල් ගෙන්වීමත් සඳහා එම ආයතන දෙක සමඟ ගිවිසුමක් අත්සන් කරගෙන ඇති බවට පැමිණිල්ල මගින් පෙන්වාදී ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව දින 30 ක් ඇතුළත මුදල් ගෙවීමේ පදනම මත සැකකාර ආයතන දෙක මගින් පැමිණිලිකාර පකිස්තානු ආයතනයෙන් රුපියල් 27,412,500 ක වටිනා සහල් මෙට්‍රික් ටොන් 125 වෙන් වෙන් වශයෙන් එම ආයතන දෙක ගෙන්වාගෙන ඇති බව පැමිණිල්⁣ල මගින් පෙන්වා දී ඇති බවද විමර්ශන නිලධාරීන් පවසා සිටියා.

ඉකුත් වසරේ මැයි මස තුළදී එම සහල් සැකකාර සමාගම් දෙක මගින් මෙරටට ආනයනය කර ඇති නමුත් ඊට අදාල ගෙවීම් මෙතෙක් නොගෙවා පැහැර හැර ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද එම විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38