පුත්තලමේ වැලි ඉවත් කළ සමාගමකින් රජයට කෝටි ගණනක පොල්ලක්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි මුක්කුතොඩුවාව වතුයායේ වැලි ඉවත් කිරීමේ නිරත වූ පෞද්ගලික සමාගමකින් රාජ්‍ය භාගය නිසි පරිදි අයකර නොගැනීම නිසා රජයට විශාල මුදලක් අහිමි වී ඇති බව පසුගියදා පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා

එම කාර්යාංශයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට නිශාන්ත සමරවීරගේ සභාපතීත්වයෙන් පසුගිය 12 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම කරුණ අනාවරණය වුණා.

හලාවත වැවිලි සමාගමට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි මුක්කුතොඩුවාව වතුයායේ සඳහා පෞද්ගලික සමාගමක් වෙත බදු දී 2023 වසරේ දෙසැම්බර් සිට 2024 සැප්තැම්බර් දක්වා කාර්යාංශය විසින් කැණීම් බලපත්‍ර නිකුත් කර ඇති බවත් කොන්ත්‍රාත්කරු විසින් වැලි කියුබ් 36531 සිට 45561 පරාසයක වැලි තොගයක් ඉවත් කළද රාජ්‍ය භාගය ගෙවා ඇත්තේ වැලි කියුබ් 1594ක් සඳහා රු. 686,464 පමණක් බවත් මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා.

ජී.එස්.එම්.බී ටෙක්නිකල් සර්විසර් (පුද්ගලික) සමාගම විසින් 2024 දෙසැම්බර් 19 දින නිකුත් කරන තිබෙන කැණීම් කරන ලද වැලි පරිමාව ඇස්තමේන්තු ගත කිරීමේ වාර්තාව ප්‍රකාරව මෙම කරුණු අනාවරණය වී ඇති අතර ඒ අනුව රු මිලියන 12කට අධික රාජ්‍ය භාගයක් මේ නිසා රජයට අහිමි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38