2025 සැප්තැම්බර් දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා (11) කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී තිබෙනවා.
ඒ, අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන්කර ඇත්තේ.
මේ අනුව 2025 සැප්තැම්බර් 23 අඟහරුවාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
2025 සැප්තැම්බර් 24 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය සඳහායි කාලය වෙන් කර ඇත්තේ.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති අතර, 2025 සැප්තැම්බර් 25 බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමටත් නියමිතයි.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
2025 සැප්තැම්බර් 26 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව “පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වන වාර්තාව” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.















