මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) දින රාත්‍රියේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සමඟ ඝණ මීදුම් තත්වයක් ඇති වී බව වාර්තාවන්නේ.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට දැඩිව බාධා පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්වය දැඩිව පවතින බැවින් එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




