අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි තරුණයන් තිදෙනෙක් ඊයේ (16) දින පස්වරුවේ ගිනිගත්හේන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිරෝද රථයක් යොදා ගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ගිනිගත්හේන පොලිසිය වෙතට ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් ගිනිගත්හේන, බ්ලැක්වෝටර් ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයේ රියදුරු සහ තවත් පුද්ගලයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්තාවන්නේ.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ගංජා ඇසුරුම් කළ පැකට් 15 සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ඔවුන් සතුව තිබි සොයා ගත් බව පොලිසිය පවසනවා.
එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිමේදි අයිස් මත්ද්‍රව්‍ය ඔවුන්ට ලබා දුන් ජාවාරම්කරුගේ තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර එම සැකකරු ද වටවල ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම නිවස පරික්ෂා කිරිමේදි නිවස තුල අලෙවි කිරිමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රෑම් 6,190ක් පැකට් 70ක් තුළ තිබියදී සොයා ගත් බවයි පොලිස් නිළධාරින් වැඩිදුරටත් පවසා සිටියේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අවුරුදු 20 – 25ත් අතර වයස් කාණ්ඩ වල පසුවන බවත්, ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන තෝරා ගත් ස්ථානවල මත්ද්‍රව්‍ය තබා යන බවයි මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් තිදෙනා, මත්ද්‍රව්‍ය සහ අදාළ ත්‍රීරෝද රථය අද (17) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





