ලෝකයේ රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01 දින “ලෝක ළමා දිනය” ලෙස සැමරීම සිදු කරනු ලබන අතර මෙරට තුළ ද එම දිනයට අදාළව ළමයින් මූලික කර ගනිමින් සැමරීමේ උත්සව රැසක් සංවිධානය වෙනවා.
මෙරට තුළ මෙම වසරේ දී ළමා දින සැමරුම් එම දිනට පමණක් සීමා නොකර ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ලබන 25වැනිදා සිට ඔක්තෝම්බර් මස 01 වැනිදා දක්වා “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන තේමාව යටතේ ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව ලෝක ළමා දින ජාතික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට වීමට නියමිතයි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් එම සතිය පුරාවට ලමයිම් සම්බන්ධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.






