අලුතින් නිකුත් කළ 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

මෑතකදී නිකුත් කරන ලද රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් සංසරණයට නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව සිය 75 වන සංවත්සරය සනිටුහන් කිරීම වෙනුවෙන් 2025 අගෝස්තු 29 වන දින මෙම නව රුපියල් 2000ක සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරනු ලැබුවා.

නව නෝට්ටුව සුමටව පිළිගැනීම සහ බෙදාහැරීම පහසු කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා.

ක්‍රියාවලියේ වේගයට අනුකූලව, නව නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් සංසරණයට නිකුත් කෙරෙන බවයි මහ බැංකුව සඳහන් කළේ.

ක්‍රමාංකන ක්‍රියාවලිය අවසන් වූ පසු නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාර්ගවල බාධාවකින් තොරව ලබාගැනීමට ඉඩසලසන බව මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14