මෑතකදී නිකුත් කරන ලද රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් සංසරණයට නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මහ බැංකුව සිය 75 වන සංවත්සරය සනිටුහන් කිරීම වෙනුවෙන් 2025 අගෝස්තු 29 වන දින මෙම නව රුපියල් 2000ක සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරනු ලැබුවා.
නව නෝට්ටුව සුමටව පිළිගැනීම සහ බෙදාහැරීම පහසු කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා.
ක්‍රියාවලියේ වේගයට අනුකූලව, නව නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් සංසරණයට නිකුත් කෙරෙන බවයි මහ බැංකුව සඳහන් කළේ.
ක්‍රමාංකන ක්‍රියාවලිය අවසන් වූ පසු නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාර්ගවල බාධාවකින් තොරව ලබාගැනීමට ඉඩසලසන බව මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.















