පළාත් පාලන සතිය අද සිට ඇරඹේ

“පුනරුදයේ පුරවරයක්” බිහිකිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය අද සිට (15) ආරම්භ වනවා.

ඒ, අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන අද (15) දිනයේ සිට ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමටයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

රජයේ ප්‍රධානම මෙහෙයුම් 03කට අදාළව විවිධ ක්‍රියාකාරකම් මෙම පළාත් පාලන සතියේ දී සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන සහ ජීවත් වීමේ වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුරවරයක් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !