ට්‍රම්ප්ගේ බද්දට එරෙහිව මෙරට පළමු විරෝධතාවය කටුනායකින්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කර ඇති තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු විරෝධතාවය සහ උද්ඝෝෂණය , අද (13) පස්වරුවේ කටුනායක නිදහස් වෙළෙඳ කළාප ප්‍රධාන පිවිසුම ඉදිරිපිට දී පැවැත්වුණා.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවක සේවිකාවන් 500කගේ පමණ මෙම විරෝධතාවය සහභාගී වී සිටියා.

ට්‍රම්ප් විසින් පනවා ඇති තීරු බදු නිසා ස්ටාර් ගාමන්ට් ඇගලුම් කර්මාන්තශාලාවේ සේවකයින් වෙත වසර ගනනාවක සිට ලබා දෙන නිල ඇදුම් , වාර්ෂික විනෝද චාරිකාව, වාර්ෂික ක්‍රීඩා උත්සවය ,වාර අවසාන සුහද හමුව සහ වසරේ ජනවාරි මස 01 දින සෑම සේවකයෙකුටම ලබා දෙන ත්‍යාගය ඇතුළු සුභ සාධක දීමනා ආයතන පරිපාලනය විසින් කපා හැර ඇති බව ද විරෝධතාකරුවෝ පැවසුවා.

එසේම මෙම තීරු බදු නිසා ඇමෙරිකානු වෙළෙදපොළ වෙත යැවෙන භාණ්ඩ වල මිළ ගනන් ඉහළ යන අතර , එනිසා ඒවා මිළදී ගැනීම අඩු වී, ඒවායේ අලෙවිය පහත වැටෙන බවත් , එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තශාලා වසා දැමීමට සිදු වන බවත් , මෙම විරෝධතාකරුවන් ඇමතූ නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පවසා සිටියා.

එහි අවසාන ප්‍රතිඵලය ලෙස මෙම තීරු බදු ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවේ ඇගලුම් ක්ෂේත්‍රයේ 16,000 කට පමණ රැකියා අහිමි වීමේ අවධානමක් මතු වී ඇති බව මෙම ක්ෂේත්‍රයේ පර්යේෂණ ගණනාවක් සිදු කළ පර්යේෂකයන් තමන් සමග පැවසූ බව ඇන්ටන් මාකස් වැඩිදුරටත් පවසා සිටියා.

එනිසා මෙම බදු පිළිබදව සාකච්ඡා කිරීම සදහා රජයෙන් තමන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද රජය වෘත්තීය සමිති සමග මේ පිළිබද සාකච්ඡා සදහා නොකැදවා හාම්පුතුන් සමග පමණක් සාකච්ඡා කරමින් සිටින බවට ඔවුන් විසින් චෝදනාවක් ද කළා.

මෙම සේවක විරෝධතාවය සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවක සේවිකාවන් 500 ක් පමණ සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53