හැටන් මාර්ගයේ බීමත්ව රිය පැදවූ පුද්ගලික බස් රථ රියදුරුට පොලීසියෙන් ඇප

හැටන් පොලීසියේ රථවාහන අංශය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී හැටන්, සාංචිමල මාර්ගයේ මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක රියදුරෙක්, බීමත්ව රිය ධාවනය කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඊයේ (12) බීමත් රියදුරා මඟීන් සමග බස් රථය ධාවනය කිරීමේදී හැටන් බස් නැවතුම්පොළ අසල දී යි.

රියදුරා සහ බස් රථය අත්අඩංගුවට ගෙන හැටන් පොලිසියට ගෙනයාමෙන් පසු කරන ලද පරීක්ෂණවලදී රියදුරු බීමත් බව අනාවරණය වී තිබෙනවා.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රියදුරු පොලිස් ඇපමත නිදහස් කර ඇති අතර එළඹෙන අඟහරුවාදා දින
අධිකරණය වෙත ඉදිරිපත් වීමේ බැඳුම්කරයක් මත පොලිස් ඇප ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?