ලෝක අනුශූරයින් අසරණ කළ මැන්චෙස්ටර් පිටියේ හයේ පහර වරුසාව

සංචාරක දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර දෙවන විස්සයි විස්ස තරගය නිමාවට පත්වුණේ එංගලන්තය කණ්ඩායමට ලකුණු 146ක විශාල ජයග්‍රහණයක් අත්කරදෙමින්.

මැන්චෙස්ටර් පිටියේ පැවති තරගයේ කාසිය වාසිය හිමිකර ගත් දකුණු අප්‍රිකානු නායකයාගේ තීරණය මුළුමනින්ම අසාර්ථක තීරණයක් බවට පත් කරමින් තරගයේ මුල් පන්දුවේ සිටම ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ එංගලන්ත පිතිකරුවන් තම අණසක ක්‍රීඩාංගණය පුරාවටම පැතිර වූයේ විශාල හයේ පහර සහ හතරේ පහරවල් සමඟින්.

ආරම්භක පිතිකරුවන් යුගළ වූ ජෝස් බට්ලර් සහ ෆිල් සෝල්ට් විසින් ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන ඉනිම් දියත් කළේ දකුණු අප්‍රිකානු පන්දුයවනන් අසරණ තත්වයකට ඇඳ දමමින්.

ප්‍රහාරාත්මක වේගය 276ක රඳවාගත් ජෝස් බට්ලර් දැවී ගියේ පන්දු 30ක් තුල වේගවත් ලකුණු 80ක් රැස් කිරීමෙන් අනතුරුවයි.

ආරම්භක සගයා දැවී ගිය පසු තම වේගවත් පිතිකරණ රිද්මය තවත් ඉහළ දමාගත් ෆිල් සෝල්ට් එංගලන්ත ඉනිමේ අවසන් පන්දුව තෙක් පිටියේ රැඳී සිටිමින් තමාගේ නම ඉදිරියෙන් වාර්තා රැසක් ලියා ගැනීමට සමත් වුණා.

එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතකය සහ එංගන්ත ක්‍රීඩකයෙක් විසින් විස්සයි විස්ස ජ්‍යාත්‍යන්තර තරගයක රැස් කරගත් විශාලම ලකුණු සංඛ්‍යාව සඳහා හිමිකම් කියූ ෆිල් සෝල්ට් පන්දුවාර 20 අවසන්ව පිටියෙන් ඉවත්ව යන විට නොදැවී පන්දු 60ක් තුළ වේගවත් ලකුණු 141ක් රැස් කරගෙන තිබුණා.

එමෙන්ම ඉනිමේ දෙවන කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි නායක හැරී බෲක් ද නොදැවී පන්දු 21 ක් තුළ ලකුණු 41ක් රැස් කර ගත්තා.

ඉනිම අවසානයේ ලකුණු පුවරුව 304ට කඩුලු 02ක් ලෙස දිස් වෙද්දී එම ලකුණු පුවරුව ද වාර්තා අතරට එක්වුණේ ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටකට එරෙහිව ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කණ්ඩායමක් විසින් රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පන්දුවාර විස්සක් තුළ ලකුණු 304ක් හඹා යෑම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට පන්දුවාර 16යි එක පන්දුවක් තුළ සියල්ලන් දැවී ගොස් රැස් කරගැනීමට හැකිවුණේ ලකුණු 158ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් ලකුණු 25ක් තුළ කඩුලු 03ක් දවාගත් ජෝෆ්ර ආචර් එංගලන්තයේ ජයපැන් සාදය කඩිනම් කිරීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
6
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44