ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු පිළිබද ජනපතිගේ අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත පාර්ශ්වකරුවන් අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යලයේදී අද (12) පෙරවරුවේ පැවැත්වුණා.

ඉදිකිරීම් සේවාව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයක් වන විදුලි කේබල් අපනයනය කිරීමෙන් ආර්ථිකයට ලබාගත හැකි දායකත්වය ඉහළ නංවා ගැනීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වූ අතර, මෙම කර්මාන්තය අපනයන ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය කිරීමේදී මුහුණදීමට සිදුවන අභියෝග, යෝජනා සහ විසඳුම් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඉදිකිරීම් කර්මාන්තය රජයේ ඉදිකිරීම්වලින් පරිබාහිරව වර්ධනය වීමට අවශ්‍ය ආර්ථික පරිසරය නිර්මාණය කිරීම අරමුණු කරගෙන ඇති බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පැවැති අවිධිමත්බව හේතුවෙන් පසුගිය සමයේ අක්‍රමිකතා සිදුවූ බවද එහි විධිමත්භාවයක් ඇති කළ යුතු බවද මෙහිදී අවධාරණය කළා.

ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින ගැටලු හා එම ගැටලු විසඳීමට රජය මැදිගත් විය හැකි ආකාරය පිළිබඳ මෙහිදී අවධානයට ලක් වූ අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය මේ වන විට මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ විදුලි කේබල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51