ශෂීන්ද්‍ර රාජපක්ෂ යළිත් බන්ධනාගාර ගත කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහේස්ත්‍රාත් නියෝග කළා.

අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරය මගින් සැකකාර අමාත්‍යවරයා අධිකරණය වෙතට ඉදිරිපත් කෙරුණා.

අරගලය සමයේ ගිනි තබන ලද, රජයේ ඉඩමක ඉදිකර තිබුණු නිවසකට අදාළව, වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අල්ලස් කොමිසම මගින් ඉකුත් අගොස්තු 06 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම ඉල්ලා සිටියේ, කිරිඉබ්බන්වැව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00 ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි රක්ෂිත බන්ධනාගාර ගත ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා නඩුව විභාග කර අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශන පොදු දේපළ පනතේ වගන්ති වලට ගැනෙන වැරදි බැවින් හා දූෂණ විරෝධී පනතේ 139 වගන්තයට අයත්වන බැවින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසත් නඩු විභාගය අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම වැඩිදුරටත් ඉල්ලා සිටියා.

සෙවනගල, කිරිඉබ්බන් වැව,සමගි පුර පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති දේශපාලන කාර්යාලය ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත් කිරීමෙන් අනතුරුව එම දේපළ රජයේ බව දැන දැනම වෙනත් පුද්ගලයෙකු යොදවා වන්දි මුදල් ලබා ගැනීම සිදුකර ඇති බවට පවසමින් අල්ලස් කොමිසම ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කළා.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වයේ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40
Video thumbnail
අම්බිකා සුඛෝපභෝගී වාහනේ ගියේ ලැට් හෝදන්නද ?මේකි ගීතයෙන් ගීතය මතකනේ
01:24
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ? මාංචු නැතුව ගිය සෙව්වන්දි ගැනත් කියයි
01:55
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31