ඇනකොන්ඩා සර්පයෙක් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේ ” හරිත මාවත ” ඔස්සේ සර්පයන් 06 දෙනෙක් සමඟ පිටතට යාමට තැත් කළ කාන්තාවක් ඊයේ (11) රාත්‍රීයේදී රේගු නිලධාරීන් සහ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ලද බුද්ධි තොරතුරුක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු ආඥා පනත, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත සහ සත්ව රෝග පනත්වලට යටත්ව මෙලෙස සර්පයින් රැගෙන එම නීතිවිරෝධී බවයි අදාළ නිලධාරීන් පවසන්නේ.

කහ ඇනකොන්ඩා (Yellow Anaconda) , බෝල් පයිතන් (Ball Python), ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් (Speckled King Snake) සහ හොන්ඩියුරානු කිරි සප්පයා (Honduran Milk Snake) යන වර්ගවල අයත් සර්පයන් 06 දෙනෙක්, අදාළ සැකකාරිය සතු වූ බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙරටට පැමිණි අදාළ කාන්තාව විසින් ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස මෙම සර්පයන් ඔතා සඟවා ගෙනැවිත් ඇති බවයි වාර්තාවන්නේ.

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මෙම සැකකාරිය අලෙවි කිරීමේ අරමුණ ඇතිව මෙම සර්පයින් මෙරටට ගෙනැවිත් තිබූ බව මුලික විමර්ශනයන් මඟින් අනාවරණය වී තිබෙනවා.

ගුවන් යානයක් තුළ මෙවැනි ජීවී සතුන් රැගෙන ඒම, නීතිවිරෝධී මෙන්ම අතිශය අනතුරුදායක ක්‍රියාවක් වන අතර , මේ පිළිබද ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් කැදවා දැඩි ලෙස අවවාදකර ඇති අතර, රේගු විමර්ශන වලින් පසුව මෙම සර්පයන් ආපසු රැගෙන යන ( Re Export ) ලෙසද රේගු නිලධාරීහු නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
20
+1
10
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?