කරණ්දෙනිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (11) සවස් කාලයේදී නිවස තුළ දී ඝාතනය කර ඇති බවට වාර්තාවනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 74 ක් වූ මවක් සහ අවුරුදු 25 හැවිරිදි ඇයගේ පුත්‍රයා බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනය සිදුකර ඇත්තේ ආසන්න නිවසක පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් බවට හඳුනා ගෙන ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරණ්දෙනිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
10
+1
+1
2




