2008 සිදුකළ වරදට පොලීසියේ හතරකට සිර දඬුවම්

මීට වසර දාහතකට පෙර මීටියාගොඩ පොලිස් වසමේ සිදුවූ පහරදීමකට අදාළව එවකට මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් නිලධාරීන් තිදෙනක්ට ඊයේ (11) බලපිටිය මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම සිර දඬුවම් නියම කළේ 2008 වසරේ මාර්තු මස 03 වන දින මීටියාගොඩ පොලිස් වසමේ ඩොමී ජයවර්ධන මාවතේ පදිංචිව සිටි එවකට පහළොස් හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සලය මගින් මෙම පොලිස් නිලධාරින් සිව් දෙනාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින්.

එවකට මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපතිව සිටි සී.අයි.නිශ්ශංක හට වසර අටක ලිහිල් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අයි.පී.අතුකෝරළ නිලධාරීයාට වසර නවයක බරපතළ වැඩ සහිත සිර දඬුවම්ද,තවත් නිලධාරීන් දෙදෙනෙක්ට වසර අට බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමකොට තිබෙනවා.

තවද ඔවුන්ට දස දහස බැගින්වූ දඩ මුදල්ද නියම කොට ඇති අතර එම දඩ මුදල් නොගවන්නේ නම් තවත් වසරක් සඳහා සිරදඩුම් දීර්ඝ කරන ලෙසත් අගතියට පත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?