විජේරාමේ පිහිටි සිය නිල නිවසින් පිටත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ල පිහිටි කාල්ටන් නිවසට පැමිණියා.
මහින්ද රාජපක්ෂව පිළිගැනීම සඳහා මහා සංඝරත්නය සහ පක්ෂිකයින් විශාල පිරිසක් තංගල්ල කාල්ටන් නිවස වෙටත පැමිණි සිටි අතර මහා සංඝරත්නය විසින් හිටපු ජනාධිපතිවරයාට සෙත් පතා පිරිත් දේශනාවක්ද සිදු කළා.
එමෙන්ම පැමිණ සිටි ජනතාව අමතමින් සංජීව එදිරිමාන්න විසින් අදහස් දැක්වීමක් සිදු කළා.
”රටට වැඩක් කරපු නායකයෙක්ට ස්වකීය විශ්‍රාම ජීවිතයට රාජ්‍ය විසින් පහසුකම් සැලසීම පිළිබද කොටස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, පාර්ලිමේන්තු බහුතර බලය තිබුනට ව්‍යවස්ථාවෙන් අයින් කළාට,මේ රටේ ජනතාවගේ හදවතින් ඒ කෘතවේදීත්වය අයින් කරන්න බෑ කියන එක තමයි සත්‍ය, අපි අද ආවේ ඔබතුමාගේ පක්ෂයේ සාමාජිකයන් විදියට නෙවෙයි,
අපි ආවේ රටේ මහජනතාව විදියට යි.
මහින්ද මහත්තයා භාර ගත්තේ උතුරේ එහා කොනේ ඉදල මාතරට වෙනකන් බෝම්බ ගහපු රටක්, අපිට සාමය දිනා දීලා රට සංවර්ධනය කරලා, මේ රටේ ජනතාවට සැනසිල්ලේ ජිවත් වෙන්න රටක් නිර්මාණය කළ නායකයාට ස්තුතිවන්ත වෙන්න, මෙහි පැමිණි තමුන්නාන්සේලා සියලු දෙනාට ඉතාම ගෞරවයෙන්, ඉතාම ආදරයෙන් හෘදයාංගමව ස්තුතීවන්තවනවා” යැයි
සංජීව එදිරිමාන්න විසින් පවසා සිටියා.




