සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ ගින්න මැඩපැවැත්වේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඇති වූ ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

ඊයේ පස්වරුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිස් ඉන්ධන ටැංකියක් අලුත්වැඩියා කරමින් සිටින අතරතුර එම ඉන්ධන ටැංකියේ මෙම ගින්න හටව්ගත් බවයි වාර්තා වුණේ.

යුද හමුදාව සහ ගුවන් හමුදාව මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද ගින්න මැඩපැවැත්වීම සඳහා යොදව තිබුණු අතර දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව අද අලුයම් කාලයේදී ගින්න මැඩපවත්වා තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ භාවිතයට නොගත් එම ඉන්ධන ටැංකිය නැවත භාවිතයට ගැනීම සඳහා අලුත්වැඩියා කරමින් සිටින අතරතුර ගිනි පුපුරු ඇති වීමෙන් ගින්න ව්‍යාප්ත වූ බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම ගින්නෙන් තෙල් බෙදා හැරීම සඳහා කිසිඳු බාධාවක් ඇති නොවන බවද කහ්නිජ තෙල් සංස්ථාව විසින් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56