මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 97කට ආසන්න වත්කම් සහ දේපළ ආයතා ලෙස අත්පත් කරගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑනාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි ලබන 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම තීන්දුව දෙනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1














