අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ මධ්‍යම බස් නැවතුම්⁣පොළ වැසේ

නවීකරණ කටයුතු හේතුවෙන් අනිද්දා (11) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්⁣පොළ පරිශ්‍රය වසා තැබෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ, හේතුවෙන් අදාළ නවීකරණ කටයුතු අවසන් වනතුරු බෝධිරාජ මාවත, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ සිට බස්රථ ධාවනය කෙරෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මධ්‍යම බස් රථ නැවතුම්පොළ නවීකරණය කිරීම සිදුවන අතර, මෙම නවීකරණ කටයුතු ලබන 15 වනදා ආරම්හ වන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල මිලියන 540ක මුදලක්.

අදාළ ව්‍යාපෘතිය වසරක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තුවන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඉන්දික චන්දිමාල් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18