නව පොලිස්පතිවරයා නාවික හමුදා මූලස්ථානයට (වීඩියෝ)

ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද (09) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු වුණා.

නාවික හමුදා මූලස්ථානයේ දී මෙම හමුව සිදුවූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

නාවික හමුදා මූලස්ථානය වෙත නව පොලිස්පතිවරයා, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීමට කටයුතු කෙරුණා.

අනතුරුව, නාවික හමුදාධිපති විසින් නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය පොලිස්පති වෙත හඳුන්වාදීම සිදු කෙරුණා.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස 2025 අගෝස්තු මස 14 වැනි දින පත්වීමෙන් පසුව, නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ පොලිස්පති අතර ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ පැවති සුහද පිළිසඳරකින් අනතුරුව, නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා නාවික හමුදාධිපති විසින් සුභපැතුම් පිරිනැමීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18