අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළ දමා සඟවා තැබූ බව කියන සම්පත් මනම්පේරි නැමැති පුද්ගලයා කලක් පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස සේවය කර ඇති බවත් පසුව පොලිස් බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවට හඳුනාගෙන ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (09) දහවල් පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම සම්පත් මනම්පේරි නැමැති පුද්ගලයා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රවිරාජ් නඩරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධ සැකකරුවෙකු බවටද හඳුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
සම්පත් මනම්පේරි නැමැත්තා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටිනවා.





