සම්පත් මනම්පේරි ගැන අනාවරණයක්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළ දමා සඟවා තැබූ බව කියන සම්පත් මනම්පේරි නැමැති පුද්ගලයා කලක් පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස සේවය කර ඇති බවත් පසුව පොලිස් බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවට හඳුනාගෙන ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (09) දහවල් පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම සම්පත් මනම්පේරි නැමැති පුද්ගලයා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රවිරාජ් නඩරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධ සැකකරුවෙකු බවටද හඳුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

සම්පත් මනම්පේරි නැමැත්තා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
7
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07