කර්මාන්ත පුරයන්හි ආයෝජනය සඳහා නිර්දේශ කර ඇති ආයෝජය ව්‍යාපෘති 38ක් සඳහා අවශ්‍ය ඉඩම් කොටස් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව සහ අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත්කරනු ලැබූ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් නිර්දේශකර ඇති ආයෝජනා ව්‍යාපෘති 38ක් සඳහා මෙම කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම ආයෝජනා ව්‍යාපෘති 38හි මුළු ආයෝජනා වටිනාකම රුපියල් මිලියන දෙදහස් පන්සිය හතලිස් අටක් බවයි වාර්තාවන්නේ.
ඒ අනුව එම ආයෝජන ව්‍යාපෘති සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කළුතර, මිනුවන්ගොඩ, මතුගම, මිල්ලනිය, උලපනේ, රත්නපුර නාලන්ද, කරන්දෙණිය, බටඅත, මන්නාරම, ගලිගමුව, ඇඹිලිපිටිය, බුත්තල, දන්කොටුව, පුත්තලම සහ අලුතපොළ යන කර්මාන්තපුරයන්වලින් ඉඩම් කොටස් වෙන් කිරීමට අනුමැතිය හිමි ව තිබෙනවා.
වසර 35ක උපරිමයක් සඳහා මෙම කර්මාන්ත කලාපවල ඉඩම් කොටස්, බදු ක්‍රමය යටතේ එම ආයෝජකයන් සඳහා පවරා දීමට නියමිතයි.





