සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පෑලියගොඩ පොලිස් වසමේ කැළණිය ප්‍රදේශයේ දී ඊයේ (08) පස්වරුවේ සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසය මෙලෙස වැටලූ බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී ගණිකා නිවාසයේ කළමණාකාරිය හා ගණිකා සේවයේ යෙදුනු සැකකාරියක් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් අවුරුදු 34 සහ 53 වයස්වල පසුවන කැළණිය හා රත්නපුර ප්‍රදේශවල පදිංචිකාරියන් වනවා.
පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





