කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොස්ගම දක්වා සීමා කර ඇත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඊයේ (08) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර පීලි පැනීමකට ලක් වුණා.

මේ හේතුවෙන් එම මාර්ගය දුම්රිය ධාවනය මෙලෙස සීමාකර ඇති බවයි වාර්තා වුණේ.

දුම්රිය පීලි පැනීමට ලක්වන අවස්ථාවේ දී ඒ අසල නවතා තිබූ තැඹිලි පැටවූ කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් ලොරි රථයේ රියදුරු තුවාල ලැබුවා.

අනතුරෙන් දුම්රිය මාර්ගයට සහ විදුලි රැහැන් පද්ධතියට ද දැඩි ලෙස හානි සිදුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?