බස් රථයේ දී සරසවි සිසුවියගේ පසු පස මිරිකූ අසහනකාරයාට ඇප

හොරණ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගමන් ගත් විශ්ව විද්‍යාල සිසුවියකගේ පසු පස පෙදෙස මිරිකා ලිංගික හිංසාවක් කළ බව කියන සිද්ධියට අදාළ නඩුවක් දෙසැම්බර් මස 01 දින කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (08) දින නියම කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා කුරුඳුවත්ත පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කර කළ කරුණු දැක්වීමකින් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ, පැමිණිකාර ශිෂ්‍යාව කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 27 හැවිරිදි තරුණියක් බවයි.

පැමිණිලිකාර ශිෂ්‍යාව පසුගිය දිනක හොරණ ප්‍රදේශයේ සිට කොළඹ විශ්ව විද්‍යාලය බලා පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටින අතරතුර, ඇය සිටි අසුනට පසුපස අසුනක සිටි සැකකාර පුද්ගලයකු ඉතා සූක්ෂම ආකාරයෙන් පැමිණිකාර තරුණියගේ පසුපස පෙදෙස අවස්ථා කිහිපයකදී මිරිකා ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධියෙන් අපහසුතාවයට පත් පැමිණිලිකාර ශිෂ්‍යාව තමන්ට සිදුව ඇති අතවරය සම්බන්ධ⁣යෙන් බස් රථය තුළ හඬනගා ප්‍රකාශ කළ අවස්ථාවේ එම රථයේ සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙකු ඇතුළු පිරිසක් සැකකාර පුද්ගලයා අල්ලාගෙන කුරුඳුවත්ත පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක වටිනා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට නියෝග කළා.

වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුවෙක් එලෙස ඇප මත මුදාහැරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43