ශ්‍රී ලංකා නම ඉදිරියේ ලියවී තිබූ අමිහිරි වාර්තාව තම නම ඉදිරියේ ලියාගත් දකුණු අප්‍රිකානුවන්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තෙවන එක්දින තරගයෙන් ලකුණු 342ක වාර්තාගත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

මෙම ජයග්‍රහණය වාර්තා පොත් අතරට එක්වන්නේ ජාත්‍යන්තර එක්දින තරග බිමේ කණ්ඩායමක් තරගයක් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු පරතරය ලෙසටයි.

මීට පෙර එම අමිහිරි වාර්තාව ශ්‍රී ලංකාව නම ඉදිරියේ ලියවී තිබුණා.

එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව ඉදිරියේ ලකුණු 317ක දරුණු පරාජයක් අත්කර ගත්තා.

ඒ 2023 වසරේ ජනවාරි මස 15 වනදා ඉන්දියාව සමඟ තිරුවානන්තපුරම් හිදී පැවති එක්දින තරගයේ දීයි.

දකුණු අප්‍රිකාව සහ සත්කාරක එංගලන්තය අතර ඊයේ සවුත්හැම්ටන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමෙන් ලකුණු 415ක දැවැන්ත ඉලක්කයක් දකුණු අප්‍රිකාවට හිමිවුණා.

එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සියලුදෙනා ලකුණු 72කට දවා ගන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණේ ඉතිහාසගත ජයග්‍රහණයක් එංගලන්ත නම ඉදිරියේ ලියා ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26