පාසල් පැවැත්වෙන දිනයන්වල දී උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.
පසුගිය දා කුලියාපිටිය, විලපොළ මංසන්ධියේ පල්ලේවෙල පාලම මතදී වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
ඒ, අනුව අදාළ කාලසීමාවන්වලදී ඛනිජ ප්‍රවාහනය කරන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතු වනවා.
දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා මෙම තීරණය පිළිබඳව දැනුවත් කිරීම් ආරම්භ කර ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
2
+1
1
+1
+1
+1




