පද්මෙගේ අයිස් හදන්න ගෙන ආ රසායනික ද්‍රව්‍ය වළදැමූ හිටපු ප්‍රා.සභා මන්ත්‍රීගේ සහෝදරයා අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය කිලෝ 50,000කට ආසන්න ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ වළදමා තිබිය දී සොයාගත් සිද්ධියට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි නැමැත්තාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගියදා අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බැකෝ සමන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම රසායනික ද්‍රව්‍ය පිළිබඳ කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ, අනුවයි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් විසින් ඊයේ (05) දින මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ මෙම රසායනික ද්‍රව්‍ය සොයා ගැනුණේ.

පොලිසිය සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් වන සම්පත් මනම්පේරි සහ ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය මෙලෙස සඟවා තබාගෙන සිට ඇති බවයි.

පොලිසිය සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් වන සම්පත් මනම්පේරි සහ ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය මෙලෙස සඟවා තබාගෙන සිට ඇති බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මේ වනවිට අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තත විසින් මෙරට සි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහන් මෙම රසායනික ද්‍රව්‍ය තොගය ආනයනය කර ඇති බවයි අනාවරණය වුණේ.

  1. පොහොට්ටුවේ එකෙක් ඉන්නවද දුෂණ අපරාද මත් ජාවරම් සහ ස්ත්‍රී දුෂකයෙක් නොවන..? ඉතින් මෙහෙම උන්ගේ නායකයෝ රට ගොඩ ගනියි කියලා හිතන එවුන්ට තණකොළත් හොඳ වැඩියි.. මෙහෙම එකෙක් රට බේරාගත්ත කියලා විශ්වාස කරන එවුන් ඉන්න වද..? රට මත් වලින් වැසී යන රටක් වෙන්න තිබුන තව 5 ක් සොම්බිය හෝ පුතානෝ ආවනම්.. මොකද ඔය කට්ටිය එක වල්ලේ පොල් රටේ තරුණ දරුවන්ගේ වාසනාවට අද මේ සියල්ල කැන පිට හරවන ආණ්ඩුවක් ඇවිත් තියෙනවා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56