ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස තරගය අද හරාරේ හිදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (06) පැවැත්වෙනවා.

හරාරේ හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ ජයග්‍රහණය කල්තියාම හිමිකර ගැනීමේ අරමුණින් පළමු තරගය ජයගෙන සිටින ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙන අතර, මෙම තරගය ජයගෙන තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමේ අරමුණින් සිම්බාබ්වේ කණ්ඩායම අද පිටියට පිවිසෙනවා.

අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සඳහා පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට හැකිවනු ඇති අතර, එය සිම්බාබ්වේ දේශයේ දී ශ්‍රී ලංකාව ජයගන්නා පළමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?