ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස තරගය අද හරාරේ හිදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (06) පැවැත්වෙනවා.

හරාරේ හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ ජයග්‍රහණය කල්තියාම හිමිකර ගැනීමේ අරමුණින් පළමු තරගය ජයගෙන සිටින ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙන අතර, මෙම තරගය ජයගෙන තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමේ අරමුණින් සිම්බාබ්වේ කණ්ඩායම අද පිටියට පිවිසෙනවා.

අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සඳහා පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට හැකිවනු ඇති අතර, එය සිම්බාබ්වේ දේශයේ දී ශ්‍රී ලංකාව ජයගන්නා පළමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18