බත් පාර්සලයක මිල රුපියල් 25කින් පහළට

අද(05) මධ්‍යම රාත්‍රියේ සිට බේකරි ආහාර ඇතුළු ආහාර වර්ග රැසක මිල අඩුවන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසනවා.

ඒ අනුව බත්, පාර්සලයක මිල රුපියල් 25කින් අඩුවන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම කොත්තු සහ බිත්තර රොටියක මිල ද රුපියල් 25කින් ද, පරාට රොටියක මිල රුපියල් 10කින් පහළ දමන බවයි පැවසෙන්නේ

ඊට අමතරව බේකරි සහ ආපන ශාලා වල අලෙවි කරනු ලබන සියලුම කෙටි ආහාරවල මිලද රුපියල් 10කින් අඩු කර ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?