සයිබර් අපරාධ මැඩපැවැත්වීම ඇතුළු මාර්ගගත සේවාවන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින කොන්දේසි සහ නියාමනයන්ට යටත්ව ලියාපදිංචි නොවීම නිසා සමාජ මාධ්‍ය වෙතට ප්‍රවේශ වීම අවහිර කරමින් තහනමක් පැනවීමට නේපාල රජය කටයුතු කර තිබෙනවා.
Facebook, Instagram, WhatsApp, YouTube ඇතුළු ප්‍රධාන ගණයේ සමාජ මාධ්‍ය 26කට මෙම තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නේපාල රජය විසින් අදාළ සමාජ මාධ්‍යන්හි මවු සමාගම් සඳහා පනවා තිබූ කොන්දේසිවලට යටත්ව ලියාපදිංචි වීම සඳහා පෙරේදා දිනය අවසන් දිනය ලෙස නම් කර තිබූ අතර එම ආයතනයන් විසින් ලියාපදිංචිය මඟ හැරීම නිසා ඊයේ දිනයේදී නේපාල රජය විසින් මෙම තීන්දුව ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
7
+1
+1
+1
+1
1















