බැකෝ සමන්ගේ බිරිඳ බන්ධනාගාරයට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පොලිසිය භාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ යැයි කියන මිද්දෙණියේ පදිංචි 30 හැවිරිදි සාජිකා ලක්ෂානි පත්තිනිගේ නැමැත්තිය ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (04) නියෝග කළා..

මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනකු පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මෙම බැකෝ සමන් හෙවත් මිදෙණියේ එන්.එන් ප්‍රසංගගේ බිරිඳ සහ කුඩා දරුවාද අත්අඩංගුවට ගත් බවත් පසුව ඇයට රතු නිවේදනය නිකුත් කර නොමැති හෙයින් ඇය නිදහස් කර ඇති බවද පසුව ඇය පැමිණි⁣මේදි මෙරටට අත්අඩංගුවට ගෙන දින හතක රැඳවුම් නියෝග ලබා විමර්ශන කටයුතු කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

පසුගිය විසි නම වැනිදා ඇයව ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා විට පවුම් හතළිහක පමණ රන් අබරණ පැළඳ සිටි බවත් විදේශ රටක සැඟව සිටි ඇය හෝ ඇගේ සැමියා කිසිදු රැකියාවක් නොකළ බවත් එතරම් රත්තරන් ප්‍රමාණයක් මිලදී ගැනීමට මුදල් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි වීම නිසා මුදල් විශුද්ධි කරන වැළැක්වීම පරත යටතේ ඇයට එරෙහිව චෝදනා ගොනුකරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇගේ තුන් හැවිරිදි දරුවාද අධිකරණයට රැගෙන ඒමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබූ අතර දරුවා යමෙකු බාරයට පත් කරන්නේදැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විත්ති කූඩුවේ සිටි එම සැකකාරියෙකින් විමසා සිටියේය.

දරුවා භාරදීමට සුදුසු අයකු නොමැති බැවින් ඇය සිය දරුවාද බන්ධනාගාරයට කැඳවාගෙන යන බව එම සැකකාරය අධිකරණයට දැනුම්දුන් අතර ඒ සඳහා ඇයට අවසර දෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53