එල්ල වූ චෝදනාවලින් පූජිත් ජයසුන්දර නිදහස්

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කළා.

2017 වසරේ අප්‍රෙල් මස 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව අදාළ නිලධාරියා මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.

එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට සිය අධිකරණයි නිගමනය කරන බවයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසල දී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරිමේ චෝදනාවලට අදාළව පවරා ඇති නඩුවේ තීන්දුව ඉකුත් පෙබරවාරි මස 19 ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ප්‍රකාශ කළේ
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී තීන්දුව සඳහා නඩු ගොනුව පූර්වගාමී මහේස්ත්‍රාත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත යොමු කර ඇතැයි බවයි.

අද (03) නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු පොලිස්පතිවරයා විවෘත අධීකරණයේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44
Video thumbnail
ගම්මන්පිලට රහසිගතව ලැබුණ කථානායකට විරුද්ධ සාක්ෂි - ලිඛිත සාක්ෂි 10ක් ලැබුණා
06:06
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර
01:36
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05