බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේදී පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
එම නිලධාරීන්ට ලද තොරතුරක් මත වයස අවුරුදු 23ක් වන මෙම සැකකරු.පානදුර, හිරණ ප්‍රදේශයේ දී ඊයේ (02) සවස් කාලයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
පසුගිය 21 වැනිදා පස්වරුවේ මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයෙක් මෙලෙස ඝාතනය වුණා.
ඝාතනයට ලක් වූ පුද්ගලයා හිටපු බන්ධනාගාර නිලධාරියෙක් බවයි වාර්තාවූයේ.
බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





