“සිහින ගමනාන්තය” වැඩසටහන තල්පේ දුම්රිය ස්ථානයෙන් ඇරඹේ

“සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි පළමු අදියර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරුණා.

ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරනු ලබනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතයි.

දුම්රිය සේවය නවීකරණය යනු නිදාගෙන සිටින යෝධයකු ඇහැරවීම බව පෙන්වා දුන් මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පොදු ප්‍රවාහනය ගුණාත්මක සේවයක් බවට පරිවර්ථනය කිරීමේ වගකීම වත්මන් රජය අත්නොහැර ඉදිරියට ගෙන යන බවද කියා සිටියා.

පොදු ප්‍රවාහන දියුණු කිරිම මඟින් සංචාරක කර්මාන්තය දියුණු කිරිමට හැකියාව පවතින බවත් ඉදිරි වසර දෙක තුළ රට වැඩබිමක් කරමින් වේගවත් සංවර්ධනයනක් කරා ශ්‍රී ලංකාව ගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ , කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගරු නිශාන්ත සමරවීර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි රවින්ද්‍ර පත්මප්‍රිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත්, අධ්‍යක්ෂ (සම්බන්ධීකරණ) දසුන් විජේසේකර, ස්ටාර් ගාමන්ට් කළමණාකරණ අධ්‍යක්ෂ ඒ. සුකුමාරන් , හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ පුංචිහේවා, NIO Engineering හි කැඳවුම්කරු ලක්මිණ සමරසේකර ]ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57