තියුණු ආයුධයකින් පහර දී තිදරු මව ඝාතනය කරලා – දරුවන් දෙදෙනෙක් සමඟ මාස 08ක සිට වෙනම ජීවත් වෙලා

රාජාංගනය පොලිස් වසමේ අංගමුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (01) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 49ක යාය 08, අංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව සැමියා සමඟ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් සිය වැඩිමහල් පුත්‍රයා හා දියණිය සමඟ මාස 08ක පමණ කාලයක සිට ඇයගේ මවගේ නිවසේ ජීවත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

සැමියා සිය බාල පුත්‍රයා ද සමඟ වෙනම ජීවත්ව තිබෙනවා.

සැමියා විසින් ඊයේ (01) දින වැඩිමහල් පුත්‍රයාව, විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට රැගෙන ගොස් ඇති අතර, ඊයේ රාත්‍රීයේ අදාළ කාන්තාවට ඇයගේ මවගේ නිවස ඉදිරිපිට දී කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය යාය 05 රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?