අක්‍රීය දුම්රිය ගේට්ටුවක් නිසා වවුනියාවවේ දුම්රිය අනතුරක්

වවුනියාව,දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ දුම්රිය හරස් මාර්ගයේදී බට්ටා වර්ගයේ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් අද (01) සවස් කාලයේ අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් කුඩා දරුවෙක්ද ඇතුළුව තිදෙනෙක් තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ වවුනියාව – මන්නාරම ප්‍රධාන මාර්ගය හරහා ස්ථාපිත මෙම දුම්රිය ගේට්ටුව නිසි ආකාරව ක්‍රියා නොකිරීම හේතුවෙන් බට්ටා වර්ගයේ ලොරි රථය දුම්රිය හරස් මාර්ගය ගමන් කිරීමට යාමේදී කොළඹ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

ලොරි රථයේ ගමන්ගත් පියා,මව හා ගැහැණු දරුවෙක් මෙම අනතුරෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අධික වේගයෙන් දුම්රිය ගමන් නොකිරීම නිසා මෙම අනතුර මාරාන්තික නොවූ බව පවසන ප්‍රදේශවාසීන් තවත් අනතුර සිදු වීමට පෙර හැකි ඉක්මනින් මෙම දුම්රිය ගේට්ටුව නිසි ආකාරව ක්‍රියාත්මක වන පරිදි එය සකස්කර දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51