නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ රිච්ටර් මාපකයේ 06ක භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවනවා.
කෙසේ වෙතත් එම සංඛ්‍යාව පිළිබඳව නිශ්විත වාර්තාවක් තවමත් ඇෆ්ගනිස්ථාන බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කර නැහැ.
මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූමිකම්පාවෙන් 20 දෙනෙකු මියගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවී සිදු වූ මෙම භූමිකම්පාවෙන් පීඩාවට පත් කලාපය සති අන්තයේ ඇති වූ හදිසි ගංවතුරෙන් පීඩා විඳිමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
භූකම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පළමු භූකම්පන තත්ත්වය සිදුව පසුකම්පන තත්ත්ව 03ක් සිදුව ඇති අතර, ඒවා රික්ටර් මාපක 4.5 සහ 5.2ක් අතර අගයන් ගෙන තිබෙනවා.
.















