වෙන්නප්පුව වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනාම අල්ලයි

වෙන්නප්පුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (31) රාත්‍රී කාලයේදී වෙන්නප්පුව නගරයේදී අපරාධයට සම්බන්ධ මෙම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු 26 සහ 29 වයස්වල පසු වන වෙන්නප්පුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු බව කියන වයස් අවුරුදු 35ක අයෙක් ඊයේ (31) දහවල් කාලයේ දී අත්අඩංගුවට ගැනුණා.

එහිදී අපරාධය සඳහා ඔවුන් පැමිණි මෝටර් රථය කඩුවක් සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයා ගැනුණා.

ඒ, අනුව මෙම අපරාධය සම්බන්ධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (31) පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනතුරට ලක් කර අනතුරුව තියුණු ආයුධවලින් පහර දී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් අ‍නෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03