සිපෙට්කෝ නවතම ඉන්ධන මිල ගණන් මෙන්න

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව, ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍ය රාත්‍රියේ කටයුතු කළා.

ඒ, අනුව ඔක්ටේන් 92 අර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6.00කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 299ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6.00කින් පහළ දමා ඇති අතර, එම වර්ගයේ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 283ක්.

සුපිරි ඩීසල් ලීිටරයක මිල රුපියල් 12.00කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 313ක් ලෙස දැක්වෙනවා.

මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර එහි පවතින මිල වන්නේ රුපියල් 341ක්.

මෙවර ඉන්ධන මිල සංශෝධනයේ දී ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
4
+1
7
+1
1
+1
4
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?